ජනාධිපතිට නාමල්ගෙන් පැසසුම්

ජනාධිපතිට නාමල්ගෙන් පැසසුම්

ඉරාන යුද නෞකාවක් වන “අයිරිස් බුෂෙහර්” නෞකාවට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ත්‍රිකුණාමලය වරායේ නැංගුරම් ලෑමට අවසර දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගත් තීරණය සාදරයෙන් පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කළේ ජාත්‍යන්තර නීති පිළිපදිමින් සහ මානුෂීය අභිනයන් පවත්වාගෙන යමින් පවතින ගැටුම් අවස්ථාවලදී ශ්‍රී ලංකාව මධ්‍යස්ථ ස්ථාවරයක් පවත්වා ගැනීම වැදගත් බවයි. එමෙන්ම ඉන්දියානු සාගරයේ සමුද්‍රීය ආරක්ෂාව සඳහා ඉන්දියාව සහ අනෙකුත් කලාපීය හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කිරීම ද වැදගත් බව ඔහු පෙන්වා දෙනවා.

මේ අතර ශ්‍රී ලංකා මුහුදු තීරයට ආසන්නයේ ආපදාවට ලක්ව තිබූ “අයිරිස් බුෂෙහර්” නෞකාවට අදාළව මානුෂීය මෙහෙයුමක් ආරම්භ කළ බව ජනාධිපතිවරයා සඳහන් කළා. එහි සිටි පුද්ගලයින් 204 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ආ අතර මූලික පරීක්ෂණවලින් පසු ඔවුන් වැලිසර නාවික හමුදා කඳවුර වෙත රැගෙන යාමට නියමිතයි. එමෙන්ම “අයිරිස් බුෂෙහර්” නෞකාව අද දිනයේ ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන යාමට සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.