විජේගේ තමිල්නාඩු මැතිවරණ ජයග්‍රහණයට නාමල් රාජපක්ෂගෙන් සුබ පැතුම්…

විජේගේ තමිල්නාඩු මැතිවරණ ජයග්‍රහණයට නාමල් රාජපක්ෂගෙන් සුබ පැතුම්…

විජේගේ තමිල්නාඩු මැතිවරණ ජයග්‍රහණයට නාමල් රාජපක්ෂගෙන් සුබ පැතුම්… තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේදී ඉන්දීය නළු සහ දේශපාලනඥ සී. ජෝසප් විජේ ලැබූ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් එක් කර තිබේ. ‘X’ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, විජේ සහ ඔහුගේ කණ්ඩායමට අභියෝග ජය ගැනීමටත්, ජනතාවට ප්‍රායෝගික ප්‍රතිලාභ අත්කර දීමටත් අවශ්‍ය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බවයි. තවද, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, විශේෂයෙන්ම දෙරටේම පුරවැසියන්ට බලපාන කරුණු සම්බන්ධයෙන් වඩාත් ශක්තිමත් සහ ධනාත්මක සබඳතාවක් අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. විජේගේ නිල ගිණුමද ටැග් කරමින් නාමල් රාජපක්ෂ...

හැකර් ප්‍රහාරයෙන් මිලියන 2.5ක් අහිමිවීම ගැන දැඩි චෝදනා : සජිත් ප්‍රේමදාස

හැකර් ප්‍රහාරයෙන් මිලියන 2.5ක් අහිමිවීම ගැන දැඩි චෝදනා : සජිත් ප්‍රේමදාස

හැකර් ප්‍රහාරයෙන් මිලියන 2.5ක් අහිමිවීම ගැන දැඩි චෝදනා : සජිත් ප්‍රේමදාස අමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක් හැකර් ප්‍රහාරයකට ලක්ව අහිමිවීම රටේ මූල්‍ය සුරක්ෂිතභාවය පිළිබඳ බරපතල ගැටලු මතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීමේ වගකීම පෙරදී මහබැංකුව සතුව පැවති නමුත් පසුව නව ක්‍රමවේද අනුව එම වගකීම රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයට සහ විදේශ සම්පත් ආයතනයට පැවරීමෙන් පසු ආරක්ෂිත ක්‍රමවේද නිසි ලෙස ක්‍රියාත්මක වූයේද යන්න ගැටලුවක් බවය. විපක්ෂ නායකවරයා සඳහන් කළේ, ඔස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ණය වාරිකයක් සඳහා වෙන් කර තිබූ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක මුදල අතුරුදන්වීමත් සමඟ මෙම ගැටලුව දැවැන්ත...

ඉන්දීය චිත්‍රපටයක රඟපෑමට සූදානම් වූ නළුවෙක්, BMICH පරිශ්‍රයේදී අවාසනාවන්ත ලෙස මරුට…

ඉන්දීය චිත්‍රපටයක රඟපෑමට සූදානම් වූ නළුවෙක්, BMICH පරිශ්‍රයේදී අවාසනාවන්ත ලෙස මරුට…

ඉන්දීය චිත්‍රපටයක රඟපෑමට සූදානම් වූ නළුවෙක්, BMICH පරිශ්‍රයේදී අවාසනාවන්ත ලෙස මරුට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ රූගත කෙරෙන ඉන්දීය චිත්‍රපටයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස රඟපෑමට සූදානම්ව සිටි පුද්ගලයකු හදිසියේ ඇද වැටී මියගොස් තිබේ. අද (අප්‍රේල් 21) රාත්‍රියේ සිදුවූ මෙම පුවත කුරුඳුවත්ත පොලිසිය විසින් තහවුරු කරන ලදී. මියගොස් ඇත්තේ මාතලේ, කළුදෑවල ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි අලගර් කරප්පු සාමි නමැති අයෙකි. පොලිස් විමර්ශනවලට අනුව, ඔහු ඉන්දීය සුපිරි නළු සූරියා (Suriya) සහ ට්‍රිෂා ක්‍රිෂ්ණන් (Trisha Krishnan) රංගනයෙන් දායක වන චිත්‍රපටයක දර්ශනයක් සඳහා සූදානම් වෙමින් සිට ඇත. නාන කාමරයක් තුළ ඇද වැටී සිටි ඔහුව එහි සිටි පිරිස වහාම කොළඹ ජාතික රෝහල වෙත...

රූපවාහිනී නාලිකාවකට එරෙහි පැමිණිල්ල අද සලකා බලයි, සංඛ්‍යාත බලපත්‍ර උල්ලංඝණය ගැන විමර්ශනයක්…

රූපවාහිනී නාලිකාවකට එරෙහි පැමිණිල්ල අද සලකා බලයි, සංඛ්‍යාත බලපත්‍ර උල්ලංඝණය ගැන විමර්ශනයක්…

රූපවාහිනි නාලිකාවකට එරෙහිව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත, ඉදිරිපත් කළ පැමිණිල්ල අද(23) සළකා බලන බව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් සඳහන් කළේ, ජනමාධ්‍ය අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් ගනු ලබන අවසන් තීරණය ද පදනම් කරගනිමින් සිය තීරණය ප්‍රකාශයට පත් කරන බවයි. රූපවාහිනී නාලිකාවක් සංඛ්‍යාත බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් දිගින් දිගටම කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලා අමාත්‍යවරයා ඊයේ(22) පස්වරුවේ පැමිණිල්ල ඉදිරිපත් කළේ ය. අදාළ රූපවාහිනී නාලිකාව ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් දී ඇති බලපත්‍රයට අමතරව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිකුත් කර ඇති විකාශන සංඛ්‍යාත බලපත්‍ර කොන්දේසි ද බරපතල ලෙස උල්ලංඝනය කර ඇතැයි පැමිණිල්ලේ...

2026 ලංකා ප්‍රිමියර් ලීග් LPL තරගාවලිය ජූලි 10 වැනිදා ඇරඹෙයි…

2026 ලංකා ප්‍රිමියර් ලීග් LPL තරගාවලිය ජූලි 10 වැනිදා ඇරඹෙයි…

2026 ලංකා ප්‍රිමියර් ලීග් LPL තරගාවලිය ජූලි 10 වැනිදා ඇරඹෙයි… ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශීය විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් (ළ්ඵ්ළ්) හි හයවැනි අදියර 2026 ජූලි 10 වැනිදා ආරම්භ වී අගෝස්තු 5 දක්වා පැවැත්වීමට නියමිතයි. මෙවර තරගාවලිය කොළඹ SSC ක්‍රීඩාංගණය, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ සහ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණ යන ස්ථානවල පැවැත්වීමට සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ඓඵ්ඝ් සමූහය එක්ව සංවිධානය කරන මේ තරගාවලියේ අධ්‍යක්ෂවරයා ලෙස සමන්ත දොඩන්වෙල මහතා කටයුතු කරයි. එසේම, විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම 2026 මැයි 4 සිට අන්තර්ජාලය ඔස්සේ ආරම්භ වීමට නියමිතයි. 2020දී ආරම්භ වූ ළ්ඵ්ළ්, මේ වනවිට ජාත්‍යන්තර අවධානය දිනාගත් ශක්තිමත් දේශීය...

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරය සහඅතුරු කමිටු කටයුතු පිළිබඳ මතභේදයක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරය සහඅතුරු කමිටු කටයුතු පිළිබඳ මතභේදයක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරය සහ අතුරු කමිටු කටයුතු පිළිබඳ මතභේදයක්… ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සහ අතුරු කමිටු පත් කිරීම පිළිබඳව මේ වනවිට මතභේදයක් ඇතිව තිබේ. වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා තම ධූරයෙන් ඉල්ලා අස්වුවහොත්, ඒ සඳහා පිටස්තර පුද්ගලයෙකු පත් කිරීම ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව සිදු කළ නොහැකි බව වාර්තා වේ. එම ව්‍යවස්ථාව අනුව, සභාපතිවරයා ඉල්ලා අස්වූ අවස්ථාවක විධායක කමිටුව කැඳවා, දැනට සිටින උප සභාපතිවරුන් වන ජයන්ත ධර්මදාස හෝ රවීන් වික්‍රමරත්න යන මහත්වරුන් අතරින් අයෙකු නව සභාපති ලෙස පත් කළ යුතුය. කෙසේ වෙතත්, පසුගියදා හිටපු ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයා හමුවී, ක්‍රිකට් පාලනය සඳහා අතුරු කමිටුවක් පත් කරන ලෙස ඉල්ලා...

කළුතර දිස්ත්‍රික්කයේ පාසල් නොයන දරුවන් 161ක් හඳුනාගැනේ…

කළුතර දිස්ත්‍රික්කයේ පාසල් නොයන දරුවන් 161ක් හඳුනාගැනේ…

⭕කළුතර දිස්ත්‍රික්කයේ පාසල් නොයන දරුවන් 161ක් හඳුනාගැනේ… වැඩිම පිරිස දොඩංගොඩින්…කළුතර දිස්ත්‍රික්කය තුළ 2025 වසර සඳහා පාසල් වයසේ පසුවන දරුවන් 161 දෙනෙකු පාසල් නොයන බවට හඳුනාගෙන ඇති බව කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය වී තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වුණි. කළුතර දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරියාගේ වාර්තාවට අනුව පාසල් නොයන දරුවන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 51කි. අනෙකුත් කොට්ඨාස අනුව දත්ත සලකා බැලීමේදී හොරණ 20ක්, පානදුර 15ක්, කළුතර 15ක්, මතුගම 15ක් සහ බේරුවල ප්‍රදේශයෙන් දරුවන් 14ක් වාර්තා වී ඇත. මීට අමතරව පාලින්දනුවර 08ක්, බණ්ඩාරගම සහ...

ටික දිනකට QR ඉවතට

ටික දිනකට QR ඉවතට

අද සිට අප්‍රේල් 18 වනදා දක්වා ඉන්ධන ලබා ගැනීම සඳහා QR කේතය අවශ්‍ය නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි…

ජපානයේ හිතා මතා ඇඟේ හැප්පීම් ජපානයේ Butsukari සංස්කෘතිය සහ එහි පසු බිම…

ජපානයේ හිතා මතා ඇඟේ හැප්පීම් ජපානයේ Butsukari සංස්කෘතිය සහ එහි පසු බිම…

ජනාකීර්ණ ස්ථානවල “Butsukari” සිදුවීම් – එහි සංස්කෘතිය සහ පසුබිම ජපානයේ විශාල ජනගහනයක් ගැවසෙන පොදු ස්ථානවල, විශේෂයෙන්ම කාන්තාවන් සහ කුඩා දරුවන් ඉලක්ක කර ගනිමින්, හිතාමතා ගැටීම හෝ තල්ලු කිරීම ලෙස හැඳින්වෙන “Butsukari” සිදුවීම් පිළිබඳව දැඩි අවධානයක් යොමු වී ඇත. මනෝවිද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, නවීන ජීවන රටාවේ පීඩනය, රැකියා වෙළඳපොළේ අස්ථාවරත්වය සහ සම්ප්‍රදායික පුරුෂත්වය පිළිබඳ අදහස් වැනි කරුණු හේතුවෙන්, සමහර පුද්ගලයන් මෙවැනි අඩු අවදානම් ප්‍රචණ්ඩ ක්‍රියා මගින් තම අභ්‍යන්තර පීඩනය මුදාහැරීමට උත්සාහ කරන බවයි. අලුතෙන් සමාජ මාධ්‍යවල වයිරල් වූ වීඩියෝවක දැක්වුණේ, ශිබුයා සංධිය (Shibuya Junction) ආසන්නයේදී තායිවානයේ කුඩා දැරියක් කාන්තාවක් විසින් තල්ලු කර බිම වැටෙන අයුරුයි. එම සිදුවීම මහජන අවධානය තවත් වර්ධනය කළේය....

new

බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රටේ ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ අරමුණයි…

බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රටේ ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ අරමුණයි… මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් බලශක්ති සැපයුමට ඇතිවිය හැකි බාධා සැලකිල්ලට ගනිමින්, රටේ ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ඒ සඳහා බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු කිරීම සහ බලශක්ති භාවිතය කළමනාකරණය කිරීම පිළිබඳව අද (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. අදාළ අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී, රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. එමෙන්ම බලශක්ති පරිභෝජනය සීමා කරමින් රාජ්‍ය කාර්යාල පවත්වාගෙන යාම සඳහා...

  • 1
  • 2