පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්

🚨පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්

බදුල්ල මහාධිකරණය අද ලබාදුන් තීන්දුවක් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට වසර එකහමාරක සිර දඬුවම නියම කර තිබේ.

2019 පෙබරවාරි 10 වනදා බණ්ඩාරවෙල නගරයේදී සිදුවූ බව කියන සිද්ධියකට අදාළව, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට බාධා කිරීම සහ තර්ජනය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මෙම නඩුව විභාග කර තිබුණි.

⚖️ බදුල්ල මහාධිකරණ විනිසුරු ජයරාම් ට්‍රොට්ස්කි මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

Leave a Reply

Your email address will not be published.