අමෙරිකාවට අවශ්‍ය වන තුරු මෙම මෙහෙයුම අඛණ්ඩව පවත්වාගෙන යනව…

අමෙරිකාවට අවශ්‍ය වන තුරු මෙම මෙහෙයුම අඛණ්ඩව පවත්වාගෙන යනව…

ඉරානයට එරෙහිව සිදු කරන ප්‍රහාර ඉදිරි දිනවලදී තවත් දැවැන්ත ලෙස ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව අමෙරිකානු ආරක්ෂක ලේකම් Pete Hegseth ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අතරතුර, ඉරානයේ ඩ්‍රෝන හා මිසයිල පද්ධති ඉලක්ක කරමින් අමෙරිකාව සෑම පැයකදීම ප්‍රහාර එල්ල කරමින් සිටින බව අමෙරිකානු ජනාධිපති Donald Trump සඳහන් කර තිබෙනවා.

අමෙරිකාවට අවශ්‍ය වන තුරු මෙම මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කළ හැකි බවත්, එයට සහාය ලබාදීමට අමෙරිකානු මිත්‍ර රටවල් කිහිපයක්ද ඉදිරිපත්ව ඇති බවත් ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා තිබෙනවා.

මෙම තත්ත්වය අතරතුර, Beirut නගරයෙන් විශාල පිපිරීම් කිහිපයක් වාර්තා වී ඇති බව සඳහන් වේ. Bahrain පවසන්නේ, ඉරානය විසින් එරට හෝටල් සහ නේවාසික ගොඩනැගිලි ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කර ඇති බවයි.

මේ අතර, ඉරානය දිගුකාලීන යුද්ධයක් සඳහා සම්පූර්ණ සූදානමින් සිටින බව Islamic Revolutionary Guard Corps හි ප්‍රකාශක Ali Mohammad Naeini ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙතෙක් යුද භූමියේ භාවිත නොකළ නවීන හා දියුණු ආයුධ ඉදිරියේදී යොදාගන්නා බවයි. එමෙන්ම ඉදිරි ප්‍රහාරවලදී සතුරන්ට “වේදනාකාරී ප්‍රහාර” එල්ල වනු ඇති බවත්, ඉරානයේ නව යුද ක්‍රමවේද හා තාක්ෂණයන් ඉදිරියේදී දැකගත හැකි වනු ඇති බවත් ඔහු අවධාරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.