2026 ලංකා ප්‍රිමියර් ලීග් LPL තරගාවලිය ජූලි 10 වැනිදා ඇරඹෙයි…

2026 ලංකා ප්‍රිමියර් ලීග් LPL තරගාවලිය ජූලි 10 වැනිදා ඇරඹෙයි…

ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශීය විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් (ළ්ඵ්ළ්) හි හයවැනි අදියර 2026 ජූලි 10 වැනිදා ආරම්භ වී අගෝස්තු 5 දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය කොළඹ SSC ක්‍රීඩාංගණය, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ සහ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණ යන ස්ථානවල පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ඓඵ්ඝ් සමූහය එක්ව සංවිධානය කරන මේ තරගාවලියේ අධ්‍යක්ෂවරයා ලෙස සමන්ත දොඩන්වෙල මහතා කටයුතු කරයි.

එසේම, විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම 2026 මැයි 4 සිට අන්තර්ජාලය ඔස්සේ ආරම්භ වීමට නියමිතයි.

2020දී ආරම්භ වූ ළ්ඵ්ළ්, මේ වනවිට ජාත්‍යන්තර අවධානය දිනාගත් ශක්තිමත් දේශීය ක්‍රිකට් සන්නාමයක් බවට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published.