රූපවාහිනී නාලිකාවකට එරෙහි පැමිණිල්ල අද සලකා බලයි, සංඛ්‍යාත බලපත්‍ර උල්ලංඝණය ගැන විමර්ශනයක්…

රූපවාහිනි නාලිකාවකට එරෙහිව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත, ඉදිරිපත් කළ පැමිණිල්ල අද(23) සළකා බලන බව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් සඳහන් කළේ, ජනමාධ්‍ය අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් ගනු ලබන අවසන් තීරණය ද පදනම් කරගනිමින් සිය තීරණය ප්‍රකාශයට පත් කරන බවයි.

රූපවාහිනී නාලිකාවක් සංඛ්‍යාත බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් දිගින් දිගටම කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලා අමාත්‍යවරයා ඊයේ(22) පස්වරුවේ පැමිණිල්ල ඉදිරිපත් කළේ ය. අදාළ රූපවාහිනී නාලිකාව ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් දී ඇති බලපත්‍රයට අමතරව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිකුත් කර ඇති විකාශන සංඛ්‍යාත බලපත්‍ර කොන්දේසි ද බරපතල ලෙස උල්ලංඝනය කර ඇතැයි පැමිණිල්ලේ දැක්වේ. අමාත්‍යවරයා පෙරේදා ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ද පැමිණිලි කළේ ය.

Leave a Reply

Your email address will not be published.